Thursday, April 30, 2009

How to use Eraser for computer hardware...



ඔයලා දන්නවද මකනයට පරිගනකයේ ලෙඩ සුව කරන්න පුලුවන් කියල?
මේ ක්‍රමය ගොඩක් විදුලි කර්මිකයන් බාවිතා කරනවා...ගොඩක් පරිගනක හදිස්සියේ ලෙඩ වෙනවා..ඔයලා දැකලා ඇති...සමහර පරිගනක කියත්මක විමෙදි bios මගින් බීප් නදය හඩවමින් RAM කාඩ්පත video(AGP) කාඩ්පත සහ අනෙකුත් PCI කාඩ්පත් වැඩ නති බව හගවයි..නමුත් එම කාඩ්පත් පරිගනකයෙන් ගලවා නැවත සවිකලවිට දෝසය මග ඇරියයි...මෙයට ප්‍රදාන හේතුව වන්නේ එම කාඩ්පත් සවිවන කොටසේ එනම් තබ තීරුව මලීන විමයි… මේනිසා ප්‍රදාන පරිපත එනම් mother board හා පිටතින් සවිකරන කාඩ්පත් නිසි ආකාරයට සම්බන්ද නොවිමයි.. RAM කාඩ්පත් වැනි කාඩ් ගලවා බැලිමෙදි ප්‍රදාන පුරුවට සවිවන තබ තිරුව පැහැයෙන් අව පැහැ ගැන්වි අති බව පෙනේ
මෙන්න මේ වෙලාවට වැලි කඩදාසියෙන් එම තබ තිරුව මැදිම මගින් දරුනු ලෙස එම තබ කොටස සිරිමකට ලක්වේ. (අපෝ වැලිකඩදාසියෙන් නම් කොහොමවත් මදින්න එපා)..අන්න ඒ වෙලවේදි තමයි අපේ මේ වැඩකට නැති මකනය වැදගත් වෙන්නේ.. වැලි කඩදාසියෙන් මදිනවා වෙනුවට මකනය මගින් අර තබ කොටස සෙමින් මකන්න... කිසිම සිරිමක් නැතිව ඔක්සයිඩ් (මලීන වු කොටස ) තට්ටුව අයින් කරගන්න පුලුවන්...දැන් කාඩ් එකේ තබ තිරුව අලුතෙන් ගත්තා වගේ දිලිසේවි..
RAM කාඩ් එහෙම අල්ලද්දි පරිස්සම් වෙන්න ඕනේ... RAM කාඩ් වල තබ තිරුව අතින් අල්ලන්න හෝ අතින් මදින්න යන්න එපා…මොකද එවා හරි සියුම් කොටස් වලින් හදලා තියෙන්නේ..අතින් මැදිම මගින්ම අතිවන ආරෝපන මගින් පවා රම් කාඩ් විනාෂ වෙන බව තමයි කට්ටිය කියන්නේ...දෙපැත්තෙන් අල්ලන එක තමයි වඩා සුදුසු....මගෙ අතින් නම් තාම කිසිම පරිගනකයකට එහෙම වෙලා නැ....
මම මෙ විදියට ගොඩක් Computers ගොඩ දාලා තියෙනවා.. ඒක නිසා අත්දැකිමෙන් තමයි කියන්නේ.. ඉතින් computer hardware වලදි මකනය අමතක කරන්න එපා...
ඔයලත් මේ ගැන දන්න දෙයක් තියෙනවනම් මතක අතිව comments දාන්න අමතක කරන්න එපා

9 comments:

  1. මම නම් මෙච්චර කල් නිකං රෙදි කෑල්ලක්නි පිහදැම්මෙ.
    මකනෙ කතාවක් දැනං හිටියෙ නෑ.
    මකනයකුක් ලඟින් තියාගන්න ඕනෙ :D

    ReplyDelete
  2. අපි ඕක කාලෙක ඉඳල භාවිත කලේ. දැන් අලුත් පරිගනක වල නම් එච්චර ඕනෑ නෑ. ඒත් ඉස්සර පරිගනකවලට මාසෙකට සැරයක් විතර ඔය සත්කාරෙ ඕනෑමයි.

    දන්නවද පීසී හවුස් එකෙන් මැශින් එකක් රෙපෙයාර් අරන් මකනෙන් වැඩ ටිකක් දාල දවස් 2ක් තියාගෙන දීල තියෙන්නෙ රු 1000++ අරන්. කරපු එකාමයි කිව්වෙ

    ReplyDelete
  3. @ගයන්ත

    රෙදි පාවිච්චි කරන්න එපා. ඕනෙම නම් ආරෝපන නොවෙන රෙදි වර්ග තියෙනවා කඩවල් වල.

    මම දන්න විදියට සාමාන්‍ය රෙදි, අතින් පිහිදානවටත් වඩා හානියක් කරනව.

    ReplyDelete
  4. මම නම් මගේ ටූල් බොක්ස් එකේ මකනයක් දාගෙන ඉන්නේ ඔය වැඩේටම......!! :D

    ReplyDelete
  5. හැබෑද???
    බොහොම ස්තූතියි මේකට
    මම මෙච්චර කල් කලේ කෑල්ල ගලෝල ඇඳන් ඉන්න ඇඳුමේ අතුල්ලල ආපහු ගහන එක

    ReplyDelete
  6. එලනේ... කිව්වට ස්තුතියි

    ReplyDelete
  7. දැන්වුවාට් ස්තූතියි......! ඇදුමෙන් පිහදාන එක තමයි මෙච්චර කල් කළේ...

    ReplyDelete
  8. අපො රෙදි වලින් වන ආරෝපන වැඩියි...කොහොමවත් අයේ රෙදි වලින් මදින්න යන්න එපා...
    මේ ක්‍රමය කාට හෝ වැදගත් විම පිලිබද බොහෝ සතුටට පත්වෙනවා..ඔයලගේ අදහස් දැක්විම පිලිබද ස්තුති වෙනවා

    ReplyDelete

""""ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා ඉතින් අමතක කරන්න එපා""""""