FM Transmitter

on Friday, November 6, 2009


ඔන්න ගොඩකලෙකට පස්සෙ අයෙත් blog එක පැත්තට එන්න හිතුනා........මේ දවස්වල කොල්ලා ගොඩක් busy නේ..මොකද දන්නවද? ගමේ කොල්ලොත් එක්ක සෙට් වෙලා ගමට 3G ගන්න ෆුල් ට්‍රයි එක.....අත්සන් එකතු කරනවා...ඒ ගැන පස්සේ කියන්නම්කො වැඩේ හරි ගියොත්.. හික් හික්..අපොයි ලියන්න ආපු දෙත් අමතක උනානේ... ආ මේ FM Transmitter එකක් ගැන කියන්න ආවේ...පොඩිදවස් වල ඉදලා Electronic උන මටයි මල්ලිටයි දෙන්නටම තිබුනා....මුලින්ම හැදුනේ මට පස්සෙ මලයටත් බෝ උනා....ඉතින් ඔය උනේ අතුරු ප්‍රතිඵලයක් තමයි ඔය FM Transmitter හැදිල්ල....

ඉතින් හිතුනා ඔයලටත් ලෙඩේ බෝ කරන්න.....මෙන්න තියෙනවා එල FM Transmitter එකක්...100m.විතර නියමට වැඩ කරනවා..ඉතා පැහැදිලිව ඇහෙනවා.....එ වගේම මේ එක හදන්න යන්නේ රුපියල් 60/ වගේ ඉතා සුලු මුදලක්....තවත් දෙයක් නම් බැටරි දෙකක් මගින් තමයි වැඩ කරන්නේ...ඒ කියන්නේ .3v.... තව 10 pf trimmer එක මගින් Transmitter එකේ සංඛ්‍යතය වෙනස් කරගන්නත් පුලුවන්... ඔයලගේ හැකියාව මත මේ Transmitter එකේ දුර තිරනය වෙන්නේ....ගොඩක් පොඩිවට හැදුවොත් ගොඩක් ප්‍රයොජන ගන්න පුලුවන්වෙවි... තේරෙනවනේ මම මොකද්ද කිව්වේ කියලා....ඔය හොරෙන් අනුන්ගේ කතා වලට සවන් දෙන්න කියාපු බඩුවක්... (අපොයි මම නම් කියන්නේ නැ අනුන්ගේ කතා වලට හොරෙන් ඇහුන්කම් දෙන්න කියලා)....

ඉස්සර මම FM Transmitter වලින් ගොඩක් වැඩ ගත්තා...මතක් වෙද්දිත් හිනා යනවා...අපේ අල්ලපු ගෙදර ඉන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කට්ටියක්.ටිකක් වයසක ජොඩුවක්..ගමටම ඇහෙන්න රෙඩියෝ එක් දාලා ගමටම පිරිත් දානවා...උදේ පාන්දර 4 විතර පටන් ගන්නවා පිරිත් එ වගේම අයෙත් රැ 10 විතර පිරිත් දානවා...සමහර දවස් වලට එලිවෙනකම් පිරිත්....අපිට මල ඇනයක් වෙලා තිබුනේ කොච්චර කිව්වත් අහන්නේ නැ....ඔන්න ඔය වෙලවේ තමයි FM Transmitter වැඩ ගත්තේ..... FM Transmitter යේ mic එක ගලවලා පැත්තකට දාලා අර ගෙදර බන දාන වෙලවට අපි චැනල් එක cut කරනවා....ටික දවසක් වැඩේ එක දිගට කර... ටික දවසකට පස්සේ ඒ ඇන්ටි මට කතා කරලා කිව්වා "බලන්නකො පුතා අපේ රේඩියෝ එකේ රැට පිරිත් දැම්මම ටික වෙලාවකින් කිසිම සද්දයක් නැතුව යනවා කියලා අල්ලන අල්ලන හැම රේඩියෝ චැනල් එකකම සද්දේ ටික වෙලවකින් නැති වෙනවා කියලා ඉතින් මගෙන් ඇව්වා මොකද කරන්න ඔන කියලා කියලා "මමත් කිවුව සද්දේ වැඩියෙන් දාන හින්දා රේඩියෝ එක පිච්චිගෙන එනවා කියලා...ඉතින් සද්දේ අඩුවෙන් දාලා ඇහුවොත් තව ටික කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වෙවි කියලා.. (ඕවා එයලට තේරෙන්නේ නැ).අනේ එදයින් පස්සෙ එ ඇන්ටි නිකම්ම සද්දේ අඩු කර ගත්තා...ඔන්න ඔහොමයි අපි FM Transmitter වලින් වැඩ ගත්තෙ...... හරි එහෙනම් පරන කතාව ඉවරයි...අයෙත් වැඩේට බහිමු....

මුලින්ම කියන්නම් හැබැයි මේ වැඩේට Electronic ගැන පොඩි දැනුමක් අනිවාරයෙන්ම තියෙන්න ඕනේ එහෙනම් ඔයලත් හදලා බලන්නකෝ...ඔය යටින් තියෙන පොඩි Transmitter එක අපේ මල්ලි හදපු වෙන Transmitter එකක් මම එක දැම්මේ මේ වගේ පොඩියට හදගන්න කියන එක අදහස් කරන්න...... Coil එක SWG 20වලින් වට හයක් පෑන් බටයක ඔතාන්න... මාත් මෙක ඉස්සර මොකක් හරි පොතකින් බලාගෙන ඇද ගත්තු එකක්....ඉතින් මේක මගේ නිර්මනයක් නෙමේ...මම කලේ ඔයලත් එක්ක මගේ අත්දැකිම් බෙදා ගත්තු එක විතරයි.... පොඩ්ඩක් ඔය MS paint වලින් diagram එක ඇදපු එක තමයි කරපු ලොකුම වැඩේ....හික් හික් හික්

ඉතින් ඔයලා මේක අනුන්ට කරදරයක් වෙන ලෙස යොදා අන්න එපා කියලා කරුනාවෙන් ඉල්ලා සිටිනවා..



මේ අපේ මලයාගේ වැඩ.....නමුත් මේක වෙන Transmitter එකක් ....මේ වගේ පොඩිවට හදා ගන්න උත්සහ ගන්න...



Facebook online Chat..

on Tuesday, October 6, 2009


ඔයලා දන්නවද මම කොහොමද face book වලින් Chat කරන්නෙ කියල? ඔයලට මම කිව්වනේ මගේ Internet connection එක ගැන..ඉතින් එකෙන් facebook login වෙලා chat තියා page එක බලාගන්නෙත් බොහොම අමරුවෙන් ඉතින් chat ගැන කුමන කතාද? මම ඉතින් Chat කරන්නේ Phone එකෙන්..මම එකට පවිච්චි කරන්නේ Nimbuzz software එක.. මේකෙන් windows live messenger, yahoo, Skype, face book ,G talk Aim/mobileme ,mySpace, icg twitter, giovani, studiVz/meinVz ,schuelerVz ,gadu-gadu ,Hyves ,Jbber
Chat කරන්න පුලුවන්... ඒ වගේම Phone එකේ contacts backup කරගන්නත් පුලුවන්..
මෙය මගින් Chat කරද්දි අපිට වැයවන දත්ත ප්‍රමාණය
ඉතාමත්ම අඩුයි...එ කියන්නේ යන වියදම ගොඩක් අඩුයි.. පැයක් විතර Chat කලත් යන්නේ Rs: 5ත් 10 අතර මුදලක්(In Mobitel)...සමහර වෙලවට මිටත් අඩුයි.... අහ්... කියන්න බැරි උනානේ මම මුලින්ම ලොග් උනම nimbuzz වලට online හිටියේ helpbot කියන කෙනා විතරයි… ඉතින් මම හිතුවා අපිට උදව් කරන්න එහෙන් හැම වෙලාවෙම online ඉන්න කෙනෙක් කියලා.... ඉතින් දැම්මා පොඩි චැට් එකක්..Reply එනවා සට සට ගලා... මාර speed...ඉතින් පොඩ්ඩක් ඇසුවා එයා ගැන විස්තර. එතකොට මෙයා කිව්වා “I am artificial intelligence I was activated at Rijswijk. The Netherlands
On may 9th.2006 my botmaster was nimbuzz. I’m in Nimbuzz home in Rotterdam”
.එතකොටනේ තේරුනේ... මෙයා A.I (Artificial Intelligence) program එකක් කියලා..මෙ helpbot කියන්නේ help robotකියන එක...හික් හික්... මෙයා ගොඩක්ම Intelligence නැ පොඩ්ඩක් පිස්සු නටනවා...ඔයලත් මෙයත් එක්ක පොඩ්ඩක් චැට් කරලා බලන්නකෝ... හික් හික් .මේ software එක www.Nimbuzz.com වලින් වගේම wap.getjar.com වලිනුත් නොමිලේ බාගන්න පුලුවන්..ඔන්න ලගදි අලුත්ම 1.5 සංස්කරනය නිකුත් කලා... තවදෙයක් Nimbuzz PC සංස්කරනයකුත් තියෙනවා... මෙකත් අර Pidgin වගේම තමයි windows live messenger, yahoo, Skype ,G talk, face book ……නොගිහින් Nimbuzz software එක විතරක් open කරගෙන ඔක්කොටම Chat කරන්න පුලුවන්.. ඉතින් මෙවගේම Phone එකෙන් Chat කරන්න පුලුවන් E buddy කියලා Software එකකුත් තියෙනවා...ඒක ගැන වෙන දවසක කියන්නම්කෝ....... ඔයලත් Nimbuzz බාගෙන බලන්නකො....Phone එකෙට download කරනවනම් Phone එකෙන්ම Search කරලා download කරගත්තොත් වඩාත් හොදයි… කොහොම කොහොම හරි ඔය Phone software නොහිටින්න මම online chat කරලා හමරයි... හික් හික්…

දෙකම එක සමානනම් කොහොමද එකක් විතරක් හොදයි කියන්නේ( About UPS)

on Monday, August 3, 2009



ඉස්සර අපි ups ගන්න කලේ අපි කාගෙන් හරි මොකද්ද හොදම ups එක කියල ඇවුවම හැමොම ගත් කටටම කියන්නේ power tree ups කියල.....නමුත් මම ගත්තේ Mercury ups. එකක්..මොකද එදා මම බඩු ගත්ත කඩේ ups ඉවර වෙල තිබුන නිසා අනික තිබුන හදිස්සියට...ගෙදර ගෙනාවට පස්සෙත් මගේ යලුවො එහෙම කිව්වේ "අයියො මචං අපරදේ උබට ගන්න තිබුනේ power tree ups එකක් එක එල බන්"කියලා... ඉතින් ඔහොම කාලය ගෙවිලා ගියා..මගේ ups එකේ වගකිමත් ඉවර උනා...එතින් දන්නවනේ ඇගිලි ගැන ගැන ඉන්නේ වගකිමේ කලය ඉවර වෙනකම්.. මොකද ගලවලා බලන්න මාර අසාවක්නේ තියෙන්නේ....( මට එහෙම ලෙඩක් තියෙනවා :-) )..මම මගේ computer එක ගෙනපු දවසේ මුලින්ම කලේ පියන අරලා ඇතුල බලපු එක.. හික් හික්... හරි හරි කතව අමතක කරමුකො...එතින් මේ ලගදි මට power tree ups එකක් හම්බර් උනා එතින් දන්නවනේ...මම ගලවලා බලුවා ඇතුල මොනවගෙද කියලා....මාර වැඩේ power tree ups එකෙයි Mercury ups එකෙයි දෙකේම circuit එක සමානයි...එකියන්නේ දසමයක් නැ එකම එක.... ඔන්න මම photos ගහලා දැම්ම බ්ලොග් එකට..ඔයලත් බලන්නකො... ඉතින් දෙකම එක සමානනම් කොහොමද එකක් විතරක් හොදයි කියන්නේ...හික් හික් හික්

පසුව :-

මා මේ ලිපිය මගින් සියලුම power tree ups සහ Mercury ups එක සමාන වන බව අදහස් නොකරමි...මේය මගින් දක්කා ඇත්තේ මා ලද අත්දැකිමක් බව සලකන්න...


Mercury ups



k




power tree ups




දැන් බලන්නකො දෙකම එකට තියලා

Vista Drive Icon

on Monday, June 22, 2009


මෙන්න එල software එකක් හම්බර් උනා...මේක විස්ටා වල වගේ hard drive වල iconවෙනස්කරන windows xp වල දුවන පොඩිමපොඩි software එකක්.... Size එක කිව්වොත් 133KB setup file එක… එ උනාට හරි ප්‍රයෝජනවත්..මොකද එක පරටම අපේ hard drive වල තිබෙන ඉඩ පිලිබද අවබොදයක් ලබ ගන්න මෙකෙන් පුලුවන්....එතින් ඔයලත් දාගෙන බලන්නකො...මෙන්න link එක
VistaDriveIcon_1.4_Setup.exe

check disk ලෙඩේ

on Sunday, June 21, 2009



ඔයලා සමහරක්ට මේ windows xp ලෙඩේ ඇවිත් ඇති computer එක on කරද්දි හැම වෙලේම hard disk එක check කරන්න අහනවා...කොච්චර check කරත් ඊලග වතාවදි නැවතත් check කරන්න අහනවා.. windows හරියට shut down නොවුනාම තමයි මේ විදියට hard disk එක check කරන්නෙ.. මේක windows xp වල එන bug එකක්ලු...වැඩි වශයෙන් මේ ලෙඩේ දකින්න ලැබෙන්නේ windows xp Service pack 2 වල... මට මතකයි techkatha වලත් එක පරක් මෙ ගැන කතා කලා… ඉතින් මේ ලෙඩේට පොඩ් පිලියමක් මට හමුවුනා උනා..ඉතින් මම ඔය ලෙඩේ තියෙන computer දෙක තුනකම අත්හදා බැලුවා..වැඩේ ගොඩ...... ඔයලත් බලන්නකො මේ ක්‍රමය හරියනවද කියලා

මුලින්ම disk check කරලා හරි නැතුව හරි(disk check කලොත් ගොඩක් හොදයි ) desktop එකට ආවට පස්සේ my computer ගිහින් කොයි වෙලෙත් check කරන්න අහන hard disk එකේ properties ගිහින්... Tools tabඑකේ තියෙන.. Check now ගිහින් automatically fix file system errors එකට හරිය දාලා disk check කරන්න.. ඊලග එකේදි check disk කරන්නද කියලා අහන dialog box එක ආවොත් no දෙන්න...ඒ කියන්නේ යම් කිසි software එකක් එම hard disk එකේ වැඩ කරන බවයි..(Dialog එකේ පරිදි ) ඉතින් එ වෙලවට තමයි unlocker software එකේ පිහිට අපිට අවශවන්නේ.. unlocker software එක මගින් එම වැඩ කරන software අයින් කරන්න ඉන් පසු නැවතත් disk check කරන්න...එතකොට disk check වැඩ කරවි.... වැඩ කරට පස්සේ hard disk properties වල tools tab
එකේම තියෙන Disk Defragmenter එකෙන් Defragment කරන්න....Analyze කලත් ඇති... Analyze එක වෙනවා කියන්නේ...වැඩේ හරි කියන එකයි.. Check Disk Schedule
එකක් තියෙනවනම් Defragment කරන්න දෙන්නේ නැ Disk Defragmenter software එක මගින් ඒ බව දැනුම් දෙනවා.... දැන් ඉතින් restart කරලා බලන්න අයෙත් check disk run කරන්න අහනවද කියලා...අහ් bad sectors තිබුනොත් නම් ඉතින් අනිවාරයෙන්ම start එකකදි check disk run කරන්න අහනවා...තව දෙයක් OS එක තියෙන hard disk එක නම් අර විදියට check disk කරන්න බැරි වෙවි...මොකද OS එක තියෙන නිසා....නමුත් මම මේ ලෙඩේ දැකපු එක computer එකකවත් OS එක තියෙන hard disk එකට මේ ලෙඩේ ලිබුනේ නැ..අනිත් partition තමයි කොයි වෙලෙත් check disk කරන්න ඇවුවේ...ඉතින් ඔයලත් බලන්නකෝ ලෙඩේ හරි යනවද කියලා....

Marine Aquarium 3 ට දුන්නා වැඩක්

on Monday, May 18, 2009


මම ලගදි ගියා www.serenescreen.com පැත්තෙ…. එතකොට තමයි දැක්කේ Marine Aquarium 3 අවිල්ලා කියලා.. මගේ ගාව තිබුනා Marine Aquarium 2 එක …key එකත් එක්ක… කියල්ලා වැඩක් නැ Maxසා තමයි.. ඉතින් Marine Aquarium 3 එක තවත් හොද ඇති කියලා...බොහොම අමාරුවෙන් පැයක් විතර දගලලා download කර ගත්තා. මොකද මගේ Internet connection මාර speed නේ .මම හිතුවා Trial පාරක්වත් වත් දේවි කියලා.. මොන පිස්සුද ගෙඩි පිටින් ඩොලර් ඉල්ලනවා key එක දෙන්න...Install කරලා shortcut එක Double click කලාම තිරය කලුවෙලා මුලින්ම key එක ඉල්ලනවා…. කෝකටත් Search පාරක් දැම්මා නෙට් එකේ කී එකක් හොයා ගන්න කියලා ඒත් හැමෝම කරන්නේ වටේ යවලා අන්තිමට ඩොලර් ඉල්ලන එක…. ඉතින් පොඩි සෙල්ලමක් දාලා" .SCR" එකට දුන්නා ගේමක්...දැන් කී ඉල්ලන්නේ නැ... තාම එලට වැඩ… ඔයලත් download කරගෙන බලන්නකෝ වැඩේ එලද කියලා…
තාම මට ඔය හැකින් ට්‍රැකින් හරියටම බැ.. ඉතින් වරදක් තිබුනොත් සමාවෙන්න...ඒ වගේම කාගේ ගාව හරි key එකක් තිබුනොත් මටත් එවන්න අමතක කරන්න එපා... මෙන්න ලින්ක් එක.MarineAquarium3.rar...
...winRAR වලින් තමයි compression කලේ ඉතින් මුලින්ම computer එකේ winRAR තියෙනවද බලන්න..ඒවගේම ඔයලගේ අදහස් ලියලා යන්න අමතක කරන්න එපා..

Mobitel බයිට්

on Tuesday, May 12, 2009

මෙ ලගදි මට මාර වැඩක් උනා ලගදි කිව්වට ඉතින් හරියටම අප්රෙල් පලවනිදා උදේ 10 විතර..

ඉතින් දන්නවනේ මොඩයගේ දවසනේ..උදෙන්ම හිත ගත්තා කාගෙන්වත් බයිට් වෙන්නේ නැතිව ඉන්න කියලා...මෙන්න 10 විතර එකක් ආවා මොබිටෙල් නම්බර් එකකින් call එකක්...මගේ උපහාර සිම් එක register (මගේ කිව්වට ඉතින් අපේ අප්පච්චිගේ නමට ගත්ත සිම් එක) කරන්න තොරතුරු ඉල්ලලා...කෙල්ලෙක් කතා කරේ. මොබිටෙල් එකෙන් කිව්වා..අපිත් ඉතින් කෙල්ලෝ දම්මලා ඕන තරම් කොල්ලොන්ව බයිට් කරලා තියෙනවනේ....අනික මොඩයාගේ දවසෙනේ...මම ගත්ත ගමන් ඔහේ එකිව බයිට් එකට කතා කරා....පස්සේ මම මගේ යලුවෙකුටත් නම්බර් එක දිලා කිව්වා බයිට් කරන්න කියලා උටත් මම මට උන විස්තරය කිව්වා රෙකෝඩ් කරපු එකත් පෙන්නුවා...ඌත් ගත්ත ගමන් call එකක් අරන් GPRS SETTING එල්ලුවා බයිට් එකට..එතකොට මෙ කෙල්ල මොබිටෙල් center එකට අරන් SETTING ඉල්ලන්න කිව්වා… නම්බර් එකත් දුන්නා වෙඩිවගේ..(0712755777)

කරන්නම් හොද වැඩක් කියලා අපිත් මොබිටෙල් එකට අරන්

උදේ උන සිදුවිම කියලා...මේ විදියට අපිව රවට්ටලා තොරතුරු ගන්න උත්සහ කරන බව කියලා පැමිණිලිකරා...එතකොට තමයි වැඩේ තේරුනේ.....අනේ උදේ පාන්දරම මගෙන් නිකරුනෙ හොදට අහගෙන තියෙන්නේ ඇත්තටම මොබිටෙල් එකේ කෙල්ලෙක්....මොනවා කරන්නද ඉතින් අප්‍රේල් පලවනිදා ඇත්තටම මොබිටෙල් තියා ඔබාමා කතා කරත් ඔච්චරම තමයි...හික් හික්

ඔයලත් අහලා බලන්නකො....මෙන්න ලින්ක් එක.

.Mobitel (NDBP).zip

Gmail

on Thursday, April 30, 2009



ඔය කට්ටිය මේක දැක්කද?
අයේ Gmail වලින් ExE,RaR,ZiP Files යවලා හමාරයි වගේ..
..ඉස්සර කරදරයක් නැතිව attach යවන්න තිබුනේ ඔච්චරයි. දැන් එකත් ඉවරයි...කමක් නැ අපේ හොදටනේ...

How to use Eraser for computer hardware...



ඔයලා දන්නවද මකනයට පරිගනකයේ ලෙඩ සුව කරන්න පුලුවන් කියල?
මේ ක්‍රමය ගොඩක් විදුලි කර්මිකයන් බාවිතා කරනවා...ගොඩක් පරිගනක හදිස්සියේ ලෙඩ වෙනවා..ඔයලා දැකලා ඇති...සමහර පරිගනක කියත්මක විමෙදි bios මගින් බීප් නදය හඩවමින් RAM කාඩ්පත video(AGP) කාඩ්පත සහ අනෙකුත් PCI කාඩ්පත් වැඩ නති බව හගවයි..නමුත් එම කාඩ්පත් පරිගනකයෙන් ගලවා නැවත සවිකලවිට දෝසය මග ඇරියයි...මෙයට ප්‍රදාන හේතුව වන්නේ එම කාඩ්පත් සවිවන කොටසේ එනම් තබ තීරුව මලීන විමයි… මේනිසා ප්‍රදාන පරිපත එනම් mother board හා පිටතින් සවිකරන කාඩ්පත් නිසි ආකාරයට සම්බන්ද නොවිමයි.. RAM කාඩ්පත් වැනි කාඩ් ගලවා බැලිමෙදි ප්‍රදාන පුරුවට සවිවන තබ තිරුව පැහැයෙන් අව පැහැ ගැන්වි අති බව පෙනේ
මෙන්න මේ වෙලාවට වැලි කඩදාසියෙන් එම තබ තිරුව මැදිම මගින් දරුනු ලෙස එම තබ කොටස සිරිමකට ලක්වේ. (අපෝ වැලිකඩදාසියෙන් නම් කොහොමවත් මදින්න එපා)..අන්න ඒ වෙලවේදි තමයි අපේ මේ වැඩකට නැති මකනය වැදගත් වෙන්නේ.. වැලි කඩදාසියෙන් මදිනවා වෙනුවට මකනය මගින් අර තබ කොටස සෙමින් මකන්න... කිසිම සිරිමක් නැතිව ඔක්සයිඩ් (මලීන වු කොටස ) තට්ටුව අයින් කරගන්න පුලුවන්...දැන් කාඩ් එකේ තබ තිරුව අලුතෙන් ගත්තා වගේ දිලිසේවි..
RAM කාඩ් එහෙම අල්ලද්දි පරිස්සම් වෙන්න ඕනේ... RAM කාඩ් වල තබ තිරුව අතින් අල්ලන්න හෝ අතින් මදින්න යන්න එපා…මොකද එවා හරි සියුම් කොටස් වලින් හදලා තියෙන්නේ..අතින් මැදිම මගින්ම අතිවන ආරෝපන මගින් පවා රම් කාඩ් විනාෂ වෙන බව තමයි කට්ටිය කියන්නේ...දෙපැත්තෙන් අල්ලන එක තමයි වඩා සුදුසු....මගෙ අතින් නම් තාම කිසිම පරිගනකයකට එහෙම වෙලා නැ....
මම මෙ විදියට ගොඩක් Computers ගොඩ දාලා තියෙනවා.. ඒක නිසා අත්දැකිමෙන් තමයි කියන්නේ.. ඉතින් computer hardware වලදි මකනය අමතක කරන්න එපා...
ඔයලත් මේ ගැන දන්න දෙයක් තියෙනවනම් මතක අතිව comments දාන්න අමතක කරන්න එපා

After long time....

on Monday, April 13, 2009

ගිය සති දෙක තුනේ මගේ Monitor එක කැඩිල. ඉතින් මොනවත් කරන්න බැරි උනා.. වැරදිලා පුරුද්දට වගේ Computer එක ලගට එනවා...ඔන්න එතකොට තමයි monitor එක නැ කියලා මතක් වෙන්නේ...ඉතින් කොහොම කොහොම හරි මොනිටෙර් එකක් ගැටගහ ගත්ත පාව්ච්චි කරන්න... ඒකෙත් කූබි.....
..ඔයලට මතකද මගේ අන්තිම පොස්ට් එක? අර virus එකක් ගැන කිව්වේ... ඉතින් මම එක ගැන යැව්ව AVG එකට... දැන් ඉතින් බයවෙන්න දෙයක් නැ.. ඔන්න දැන් එකත් අසුවෙනවා virus guard එකට...... පොඩ්ඩක් try කරලා බලන්නකො…… Spenser NK වලට මොකද වෙන්නේ කියලා……