Monday, March 9, 2009

කොළඹට කිරි අපිට කැකිරි..

ඉතින් මම මුලින්ම ගොඩක් ස්තුති කරන්න ඕන මගේ පළමු post එක කියවල අදහස් දැක්වපු අයට..

ඔන්න එහෙනම් මෙන්න මගෙන් දෙවන පොස්ට් එක.... මේක නම් ඉතින් කියල වැඩක් නැ..

මතකද මම මගේ පළමු Post එකෙන් මගේ Internet connection පිලිබදව පොඩ්ඩක් ඔයලව දැනුවත් කරා...ඉතින් හිතුනා මේ ගැන ඔයලට කියන්න... මුලින්ම කියන්නම්කො මම ඉන්නේ කොහෙද කියල....මම ඉන්නේ නුවර ...නුවර කිවුවට නුවර Town යන්න 24km යන්න ඕන...නමුත් නුවර...හරිද..මම ඉන්නේ අංකුඹුර කියන ගමේ.. කදු වලින් වට උන අමුතුම ලස්සන ගමක්…ගම වටේටම Dialog, Tigo ,Mobitel tower..

අපේ ගමට ඔය ADSL නැ…Signal Tower තිබුනට 3G නැ…WiMAX නැ.. නමුත් GPRS තියෙනවා...ඉතින් මම නම් මොබිටෙල් වල 3G Daily delight දාගෙන HSPA වලින් නෙමෙයි GPRS වලින් බොහොම අමරුවෙන් තමයි INTERNET යන්නේ..

මොනවා කලත් මොබිටෙල් එකට පින් සිදු වෙන්න අපි මෙහෙම හරි Internet යනවා...කට්ටිය 2MBs ,3MBs Connection වලින් Internet යනකොට අපි වගේ අසරණයෝ 5Kbs වගේ පොඩිම පොඩි Connection වලින් Data use limit එක 50mb 100mb වලට කොටු වෙල INTERNET එකට පිවිසෙන බව අපි අමතක කරන්න හොද නැ නේද?

මෙන්න මගේ Internet speed එක... ඉතින් අපිට කැකිරිම තමයි...මම speed test කරපු ආකාරය වැරදිද? එසේ නම් සමාවෙන්න...

Friday, March 6, 2009

INTERNET MONEY

බොහොම අමාරුවෙන් පැය ගානක් ඉදලා blogger එකේ

Blog එකක් හදා ගත්තා. මොකද මගෙ internet Connection එක මාර Speed. link එකක් click කරලා ගෙදර වටේ රවුමක් ගිහින් එද්දි යන්තම් page එක complete… ඉතින් පැය ගානක් internet එකේ රස්තියදු වෙලා ‍කොහොම ‍කොහොම හරි Blog එකක් හදා ගත්තා….ඊට පස්සෙ තමයි අමාරුම වැඩේ උනේ…‍මෙ වැඩේ සිංහල font එකන් type කරන එක…පිස්සු හැදිලා ආයේ පිස්සු හැදෙනවා ‍මෙකෙන් type කරන්න ගියම… පස්සෙ වඩේ අල්ල ගත්තා… මෙන්න පලවැනි post එක

මේ කථාව ඇත්තම සිදුවිමක්….මගෙ යලුවෙකුත් internet money ඡවාරමට අසු වුනා..

එයා Rs3500 දිලා register වෙලා ඹය කියන ආයතනයක… පස්සේ සම්මනතණය එන්න කියලා දින දිලා… ‍‍ ‍‍‍කොහොම ‍‍‍කොහොම හරි Manz සම්මනතණය ගිහින්….දන්නවද සම්මනතණයේ කියල දිල තියෙන්නෙ කියලා? එ‍කේ කියලා දිල තියෙන්නෙ පෞරුෂ සංවර්ඩනය පිලිබදව….

උදේ 9 විතර පටන් අරන් මෙ වැඩමුලුවට හවස 3 විතර වෙනකම් තිබිලා .. උදේ ඉදන් දේශනයක් දුන්නලු..ඔය දේශනය අතරතුර පොඩ්ඩක් ගූගල් ඇඩ් ගැන කිවුවලු..අපේ page එකේ ගූගල් ඇඩ් ලින්ක් click කරපුවම..මුදල් ලැබෙන බවත් කිව්වලු..

මොනවා කලත් උන් මගෙ යාලුවට උදේ තේ පැන් සංග්‍රහයක් සහ දවල් කෑම දුන්නලු...පව් අසරනය හොදට අන්දලා..වැඩේ කියන්නෙ මෙ වැඩමුලුවට 60 විතර හිටියලු….. අන්තිමට blogspot

එකේ blog එකක් හදලා දිල ඒකට google ads ගලා දිලා කිව්වලු යලුවන්ට page එකේ address එක mail කරන්න කියලා..එතකොට යාලුවො ඇවිත් අර ලින්ක් click කරම නිකම්ම සල්ලි ගෙදර පොස්ට් කරයි කියලා...මසෙකට අඩුම 6000 විතර හම්බ වෙනවා කියලා.. මෙ Manzට මෙයගේ page එකට යන ලින්ක් එක හැරෙන්න අඩුම තරමෙ blogger එකට ගිහින් තමගේ page එක Edit කරන්න වත් කියලා දිලා නැ ...උන්නෙ බ්ලොග් එකත් හදල දිල තියෙන්නෙ.. කොහොමත් මෙ වැඩේට SPEED INTERNET තියෙන්න ඹීන කියල...ඉතින් එතනින්ම Dialog broadband Connection එකක් 1500 වගෙ අඩු ගනකට ගන්න පුලුව්න් කියලා...ඉතින් මූ එකකුත් අරගෙන...ඇත්තම කිව්වොත් අපේ ගමට Dialog broadband තිය phone එකෙන් GPRS යන්නෙත් බොහොම අමාරුවෙන්..Dialog එකෙන් ඇවිත් කිව්වා signal නැ කියල… ඉතින් දැන් මගෙ යාලුවා නුවර යන හැම වෙලාවකම Dialog එකටත් යන්න අමතක කරන්නේ නැ.....

ඉතින් ඔන්න ඔහොමයි කතාව………

මේ මගේ පලවනි post එකනේ ඉතින් ඔයලගේ අදහස් මට ගොඩක් වැදගත්...

Tuesday, March 3, 2009