Friday, November 6, 2009

FM Transmitter


ඔන්න ගොඩකලෙකට පස්සෙ අයෙත් blog එක පැත්තට එන්න හිතුනා........මේ දවස්වල කොල්ලා ගොඩක් busy නේ..මොකද දන්නවද? ගමේ කොල්ලොත් එක්ක සෙට් වෙලා ගමට 3G ගන්න ෆුල් ට්‍රයි එක.....අත්සන් එකතු කරනවා...ඒ ගැන පස්සේ කියන්නම්කො වැඩේ හරි ගියොත්.. හික් හික්..අපොයි ලියන්න ආපු දෙත් අමතක උනානේ... ආ මේ FM Transmitter එකක් ගැන කියන්න ආවේ...පොඩිදවස් වල ඉදලා Electronic උන මටයි මල්ලිටයි දෙන්නටම තිබුනා....මුලින්ම හැදුනේ මට පස්සෙ මලයටත් බෝ උනා....ඉතින් ඔය උනේ අතුරු ප්‍රතිඵලයක් තමයි ඔය FM Transmitter හැදිල්ල....

ඉතින් හිතුනා ඔයලටත් ලෙඩේ බෝ කරන්න.....මෙන්න තියෙනවා එල FM Transmitter එකක්...100m.විතර නියමට වැඩ කරනවා..ඉතා පැහැදිලිව ඇහෙනවා.....එ වගේම මේ එක හදන්න යන්නේ රුපියල් 60/ වගේ ඉතා සුලු මුදලක්....තවත් දෙයක් නම් බැටරි දෙකක් මගින් තමයි වැඩ කරන්නේ...ඒ කියන්නේ .3v.... තව 10 pf trimmer එක මගින් Transmitter එකේ සංඛ්‍යතය වෙනස් කරගන්නත් පුලුවන්... ඔයලගේ හැකියාව මත මේ Transmitter එකේ දුර තිරනය වෙන්නේ....ගොඩක් පොඩිවට හැදුවොත් ගොඩක් ප්‍රයොජන ගන්න පුලුවන්වෙවි... තේරෙනවනේ මම මොකද්ද කිව්වේ කියලා....ඔය හොරෙන් අනුන්ගේ කතා වලට සවන් දෙන්න කියාපු බඩුවක්... (අපොයි මම නම් කියන්නේ නැ අනුන්ගේ කතා වලට හොරෙන් ඇහුන්කම් දෙන්න කියලා)....

ඉස්සර මම FM Transmitter වලින් ගොඩක් වැඩ ගත්තා...මතක් වෙද්දිත් හිනා යනවා...අපේ අල්ලපු ගෙදර ඉන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කට්ටියක්.ටිකක් වයසක ජොඩුවක්..ගමටම ඇහෙන්න රෙඩියෝ එක් දාලා ගමටම පිරිත් දානවා...උදේ පාන්දර 4 විතර පටන් ගන්නවා පිරිත් එ වගේම අයෙත් රැ 10 විතර පිරිත් දානවා...සමහර දවස් වලට එලිවෙනකම් පිරිත්....අපිට මල ඇනයක් වෙලා තිබුනේ කොච්චර කිව්වත් අහන්නේ නැ....ඔන්න ඔය වෙලවේ තමයි FM Transmitter වැඩ ගත්තේ..... FM Transmitter යේ mic එක ගලවලා පැත්තකට දාලා අර ගෙදර බන දාන වෙලවට අපි චැනල් එක cut කරනවා....ටික දවසක් වැඩේ එක දිගට කර... ටික දවසකට පස්සේ ඒ ඇන්ටි මට කතා කරලා කිව්වා "බලන්නකො පුතා අපේ රේඩියෝ එකේ රැට පිරිත් දැම්මම ටික වෙලාවකින් කිසිම සද්දයක් නැතුව යනවා කියලා අල්ලන අල්ලන හැම රේඩියෝ චැනල් එකකම සද්දේ ටික වෙලවකින් නැති වෙනවා කියලා ඉතින් මගෙන් ඇව්වා මොකද කරන්න ඔන කියලා කියලා "මමත් කිවුව සද්දේ වැඩියෙන් දාන හින්දා රේඩියෝ එක පිච්චිගෙන එනවා කියලා...ඉතින් සද්දේ අඩුවෙන් දාලා ඇහුවොත් තව ටික කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වෙවි කියලා.. (ඕවා එයලට තේරෙන්නේ නැ).අනේ එදයින් පස්සෙ එ ඇන්ටි නිකම්ම සද්දේ අඩු කර ගත්තා...ඔන්න ඔහොමයි අපි FM Transmitter වලින් වැඩ ගත්තෙ...... හරි එහෙනම් පරන කතාව ඉවරයි...අයෙත් වැඩේට බහිමු....

මුලින්ම කියන්නම් හැබැයි මේ වැඩේට Electronic ගැන පොඩි දැනුමක් අනිවාරයෙන්ම තියෙන්න ඕනේ එහෙනම් ඔයලත් හදලා බලන්නකෝ...ඔය යටින් තියෙන පොඩි Transmitter එක අපේ මල්ලි හදපු වෙන Transmitter එකක් මම එක දැම්මේ මේ වගේ පොඩියට හදගන්න කියන එක අදහස් කරන්න...... Coil එක SWG 20වලින් වට හයක් පෑන් බටයක ඔතාන්න... මාත් මෙක ඉස්සර මොකක් හරි පොතකින් බලාගෙන ඇද ගත්තු එකක්....ඉතින් මේක මගේ නිර්මනයක් නෙමේ...මම කලේ ඔයලත් එක්ක මගේ අත්දැකිම් බෙදා ගත්තු එක විතරයි.... පොඩ්ඩක් ඔය MS paint වලින් diagram එක ඇදපු එක තමයි කරපු ලොකුම වැඩේ....හික් හික් හික්

ඉතින් ඔයලා මේක අනුන්ට කරදරයක් වෙන ලෙස යොදා අන්න එපා කියලා කරුනාවෙන් ඉල්ලා සිටිනවා..



මේ අපේ මලයාගේ වැඩ.....නමුත් මේක වෙන Transmitter එකක් ....මේ වගේ පොඩිවට හදා ගන්න උත්සහ ගන්න...



5 comments:

  1. අනේ ඔය බන සද්දේ අඩු කරවන වැඩේ නම් මටත් කරගන්න ඕනේ. බැරිවෙයිද ටීවී එකටත් ඔය වගේ දෙයක් කරන්න

    ReplyDelete
  2. @MA
    ටිවි වටටත් ඕක වැඩ කරනවා කම්මි දගරයේ පොටවල් තව 2ක් විතර වැඩි කරන්න...(මට මතක විදියට )ඉන් පසු කොයිල් එක මගින් සුසර කර ගන්න..කලු සුදු ටිවි වටල නියමට වැඩ...තිරය කලුවෙනවා...හරියට සුසර උනාම අපිට ටිවී එකෙන් කතා කරන්න පුලුවන්.....උත්සහ කරලා බලන්න

    ReplyDelete
  3. machoo badu laistuwa ewanawanamm hodaii........

    ReplyDelete
  4. http://sipsala.blogspot.com/2014/02/4w-fm-part-3.html

    ReplyDelete
  5. meke samahara pf hoyaganna baanee.......

    ReplyDelete

""""ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා ඉතින් අමතක කරන්න එපා""""""