Wednesday, March 11, 2009

Virus ඔබට ඔච්චම් කරනවද?



VIRUS GUARD එකට Virus අසුවෙන්නෙත් නැද්ද? Virus guard Update කලද? ඒත් VIRUS එක අසුවෙන්නෙ නැද්ද? නමුත් පේන්නම Virus එක තියෙනවද? මම නම් කරන්නේ එක දෙයයි Virus එක copy එකක් අරගෙන දානවා zip හෝ winrar file එකකට.. හැබැයි මුර පදයකුත් දානවා.... ඊට පස්සෙ Email එකකට අමුණලා යවනවා මගේ Virus guard එකේ දිලා තියෙන Email ලිපිනයකට හැබැයි අර මුර පදයත් දාලා තව පොඩි හැල්ලකුත් ලියනවා මේ Virus guard එකට මෙ Virus එක අසුවෙන්නේ නැ කියලා එහෙම.. …. බඩුම තමයි පැයක් දෙකක් යද්දි ඔන්න එනවා reply mail එකක් ගොඩක් ස්තුති කරලා..දුන්න help එකට.. පසුදාට Virus guard එක Update කරම Virus එකට බඩුම තමයි… කිසි කරදරයක් නතිව Virus එක නිකම්ම අයින් කරගන්න පුලුවන්... මේ වැඩෙන් අපිත් Virus guard කරයනුත් දෙගොල්ලොම ගොඩ... මම පාවිච්චි කරන්නේ AVG Virus guard එක...Free එක නෙමෙයි full ක but... දන්නවනේ ඉතින් මෙවා register

කරපුව නෙමෙයි..ඔය internet එකෙන්ම හොයා ගත්ත key තමයි දාලා තියෙන්නේ.. තාම කිසිම අවුලක් නතිව වැඩ..මම මෙ විදියට Virus හතර පහක්ම යවලා තියෙනවා..ඒ වගේම පසුදාට update කරපුවම Virus එක නිකම්ම අසුවෙනවා...මේ අකාරයට හැම Virus guard හදන සමාගමක්ම වගේ අලුත් Virus පිලිබදව ඔහුන්ව දැනුවත් කරන්න විව්ධ ක්‍රම හදුන්වලා දිලා තියෙනවා..මේ පිලිබද ඔහුන්ගේ web අඩවි වල සදහන් වෙනවා...එතින් පොඩ්ඩක් හොයලා බැලුත්වොත් ඔයලත් ගොඩම තමයි... virus@avg.com කියන ලිපිනය තමයි AVG සමාගම බාවිත කරන්නේ..එතින් මේක ගොඩක් කට්ටිය දන්න දෙයක් වෙන්න පුලුවන්..

ඉතින් කාටහරි මගේ මේ post එක ප්රයොජනවත් උනා නම් මට ඒ ඇති...ඔයලත් දන්න කියන දෙයක් තියෙනවනම් හෝ ඔබගේ අදහස් පොඩ්ඩක් ලියලා යන්න අමතක කරන්න එපා.. මම ලගදිනේ බ්ලොග් ලියන්න ගත්තේ.. ඉතින් වැරදි ගොඩක් ඇති..ඉතින් ඒවාට සමාව දෙන්න...

10 comments:

  1. නියම වැඩක් එල කිරි කොල්ලො!

    ReplyDelete
  2. ඉතාමත්ම වටිනා අදහසක්!

    ReplyDelete
  3. අදහසට ස්තූතියි.තව තවත් ලියන්න

    ReplyDelete
  4. එල කොල්ලෙක්නේ..... තව දන්න දෙවල් තියනවනම් පොස්ට් කරන්න.

    ReplyDelete
  5. හොද අදහසක්

    ReplyDelete
  6. එල එල...........

    ReplyDelete

""""ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා ඉතින් අමතක කරන්න එපා""""""