Monday, March 9, 2009

කොළඹට කිරි අපිට කැකිරි..

ඉතින් මම මුලින්ම ගොඩක් ස්තුති කරන්න ඕන මගේ පළමු post එක කියවල අදහස් දැක්වපු අයට..

ඔන්න එහෙනම් මෙන්න මගෙන් දෙවන පොස්ට් එක.... මේක නම් ඉතින් කියල වැඩක් නැ..

මතකද මම මගේ පළමු Post එකෙන් මගේ Internet connection පිලිබදව පොඩ්ඩක් ඔයලව දැනුවත් කරා...ඉතින් හිතුනා මේ ගැන ඔයලට කියන්න... මුලින්ම කියන්නම්කො මම ඉන්නේ කොහෙද කියල....මම ඉන්නේ නුවර ...නුවර කිවුවට නුවර Town යන්න 24km යන්න ඕන...නමුත් නුවර...හරිද..මම ඉන්නේ අංකුඹුර කියන ගමේ.. කදු වලින් වට උන අමුතුම ලස්සන ගමක්…ගම වටේටම Dialog, Tigo ,Mobitel tower..

අපේ ගමට ඔය ADSL නැ…Signal Tower තිබුනට 3G නැ…WiMAX නැ.. නමුත් GPRS තියෙනවා...ඉතින් මම නම් මොබිටෙල් වල 3G Daily delight දාගෙන HSPA වලින් නෙමෙයි GPRS වලින් බොහොම අමරුවෙන් තමයි INTERNET යන්නේ..

මොනවා කලත් මොබිටෙල් එකට පින් සිදු වෙන්න අපි මෙහෙම හරි Internet යනවා...කට්ටිය 2MBs ,3MBs Connection වලින් Internet යනකොට අපි වගේ අසරණයෝ 5Kbs වගේ පොඩිම පොඩි Connection වලින් Data use limit එක 50mb 100mb වලට කොටු වෙල INTERNET එකට පිවිසෙන බව අපි අමතක කරන්න හොද නැ නේද?

මෙන්න මගේ Internet speed එක... ඉතින් අපිට කැකිරිම තමයි...මම speed test කරපු ආකාරය වැරදිද? එසේ නම් සමාවෙන්න...

12 comments:

  1. අපිටත් කැකිරි තමා, අපි ගාලු නගරයෙන් 20 කිමි දුරයි... අපි කඳු වැටි 3කින් වටවෙලා නිසා. රූපවාහිනී සිග්නල් පවා බොහොම දුර්වලයි. නැති තරම්
    මම භාවිතා කරන්නෙ සන්ටෙල් සීඩීඑම් ඒ දුරකතනයක්.අපිට HSDPA/GPRS සිග්නල් වත් නැහැ, එහෙත් සීඩීඑම් ඒ සිග්නල් උපරිමයි, ඇන්ටනාවත් එක්ක. ලංකාවෙ අඩුම ගාස්තුවකින් යුතු නිසා මම 24 පැයම ජාලයට සම්බන්ඳ කරලයි තියෙනෙ.. මට පෙනෙන හැටියට ඔබේ GPRS වලට වඩා වැඩිවේගයක් මට ලැබෙනවා.. ඒත් සාමාන්‍යනම් ඔබට සමාන හෝ මදක් වැඩි වේගයක් තමා ලැබෙන්නෙ. මම නම් කියන්නෙ. වේගය මදිනම් ලිනක්ස් භාවිතාකරන්ට කියල. ජනේලෙට වඩා සැලකිය යුතු වැඩි වේගයක් පේනවා

    ReplyDelete
  2. හයියෝ.. හරි පව් ඒවුනාට ටීවී ඇඩ් වල පෙන්නන්නේ කොයි දීපංකරේ හිටියත් කිසි කිසි ගාලා වැඩ වගේ නේ

    ReplyDelete
  3. අපිටත් ADSL පලාතක නෑ. ඩයලොග් 3G නම් තියෙනව එකත් යන්තන්. ඔයගේ තත්වෙනම් හරිම සෝචනීයයි. මට පුලුවන්නම් මම ටවර් එකක් ගහනව.

    ReplyDelete
  4. ඔව් මටත් දවල්ල කැකිරි තමයි රැට නම් ටිකක් හොදයි

    ReplyDelete
  5. මම නිකමට බැලුවා මගේ බ්ලොග් පෝස්ට් එකක් save කරගෙන ඒකෙ බර. මෙගාබයිට් 1.35ක්! ඩයල් අප්ලාට කැකිරිත් නෑ. මොනව හරි ගැජට් ටිකක් අයින් කරන්න වෙනව මගෙ බ්ලොග් එකෙන්... :(

    ReplyDelete
  6. ඔයලට ගොඩක් ස්තුති කරනවා ඔයලගේ අදහස් පලකරාට ඉදිරියටත් ඔයලාගේ අදහස් මට ගොඩාක් වටිනවා...

    ReplyDelete
  7. අනේ හරිම ශෝචනීය කථාවක්. ඒත් ඔබේ උත්සාහය ප්‍රශංසනීයයි. ඉදිරියේදී ඔබට හොඳ සම්බන්ධතාවයක් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමි

    ReplyDelete
  8. @ shakunthala

    ඔයාගෙ බ්ලොග් එක ඒතරම් අවුලක් නෑ. ඒත් සමහර එව්ව ලෝඩ් වෙන්න ගියාම සංසාරෙ එපා වෙනව..නම් නොකිව්වට දන්නව ඇති නෙව

    ඒක හින්ඳ මම ගූගල් රීඩරෙන් විතරයි. කියවන්නෙ. මොනව කරන්නද. කිරි නෑ නොවැ

    ReplyDelete
  9. ඔයාගෙ කථාව නම් ඇත්ත ඔය ටීවී වල ඇඩ් දාන තරම් හොදක් ඔය කිසි එකකවත් නැහැ.

    ඔයාගෙ ගම කදු වලින් වට උන අමුතුම ලස්සන ගමක් කිවුව නේද. අපිත් ආසයි ඔයාගෙ ගම ගැන දැන ගන්න මොකද ලස්සන පැතිවල ඇවිදින්න මම ගොඩාක් කැමති. ඒක නිසා ගම ගැනත් ලිපියක් දාත්ත පිංතුර ටිකක් එක්ක.

    ReplyDelete
  10. දැන් මම ඉන්නේ නුවරින් 7km දුරින්..ADSL/HSDPA භාවිතාකරන්නේ..ඒත් අපේ ගම නම් කුරුණෑගලින් 30km දුර යන්න ඕන...අපරාදේ කියන්න බෑ එහෙට නම් ADSL නැතත් HSDPA නම් අපූරුවට වැඩ....ඔය පැත්තට HSDPA නැත්තේ අනේ මන්දා,EDGE වත් නැද්ද?

    ReplyDelete
  11. මට නං ADSL තියනවා.ඒත් ඉස්සර ඩයල් අප් වලින් ගිය කාලෙ
    මතක් වෙනවා.5mb විතර ඩවුන්ලෝඩ් වෙන්න දාල ඩිස්කනෙක්ට් වෙන්ව එපා කියල ප්‍රාර්ථනා කර කර කට ඇරගෙන හිටපු කාලෙ මතක් වෙනවා.ඔයාට ඉක්මණටම ස්පීඩ් කනෙක්ෂන් එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  12. මචං අපේ රටේ ගොඩක් උන්ට internet නම් කැකිරි. මම ඉන්නේ තිස්ස. ටවර් එකට 2km වත් නෑ ඒත් ස්පීඩ් නම් අන්තිමයි ADSL ගන්න බැරි උන දුක තමා.....

    ReplyDelete

""""ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා ඉතින් අමතක කරන්න එපා""""""