Tuesday, March 17, 2009

මේ ලගදි මට මරු software එකක් හම්බ වුනා




මේ ලගදි මට මරු software එකක් හම්බ වුනා.මේක software එකක් කිව්වට Virus එකක් වගේ.pen drive එකෙන් තමයි පැතිරෙන්නේ.අපෙන් කිසිම ඇහිල්ලක් නැතිව හොර රහසේ pen එකට රින්ගනවා....ඉතින් ඊට පස්සේ අපි වෙන පරිගණකයකට pen drive එක ගැවුවම තමයි පෙන්නේ වැඩේ...Pen එකේ Icon එක තොරණ වගේ වෙලා.. කරුමෙට වගේ අමතක වෙලා click උනොත් අපේ පරිගණකයට මේක රින්ගනවා. ඊට පස්සේ ගහන ගහන හැම pen එකකටම මේ මගුල රින්ගනවා...ඉතින් ඔයල හිතයි මම මෙහෙම කියද්දි "මේක ජිවිතේට ඔය වගේ virus දැකල නැද්ද කියලා "නැ නැ එහෙම නෙමෙයි...මේකේ තියෙන වෙනස තමයි මේක pen drive guard එකක්ලු...නම Spenser NK… අපේ රටේ කොල්ලෙක්ගේ වැඩක්… ඉතින් මොනවත් කියන්නත් බැ..නොකියත් බැ.. මේකෙන් මම දන්න තරමින් computer එකට හානියක් නැ..නමුත් task bar එකේ කොනකට වෙල දගලනවා..ඒ මදිවට මේ software එක අයින් කරන්න නිසි පිලිවලක් දක්වලත් නැ..Search පාරක් දාලා delete කරන්න තමයි වෙන්නේ...පේන හැටියට අල්ලන virus එක්කකුත් නැ... හැබැයි අපරදේ කියන්න බැ හැම වෙලේම auto run file එකක් පෙන් එකට වදිනවා..අර Spenser exe එකත් එක්ක.. ඉතින් මම පොඩ්ඩක් software එක එහේ මෙහේ ඔබලා ඔබලා අන්තිමට කොනක තිබිලා auto run file එක වදින නවත්වන්න හොයා ගත්තා.... මේ Software එක Virus එකක මුල් අවදිය විය හැකි නේද? ඉතින් මම මේ කල්පනා කරන්නේ මොකද්ද මේ software එකට කියන නම?

Virus කියනවද නත්තම් pen drive protector කියනවද කියල....ඔයලා මොකද හිතන්නේ මේ එක ගැන? ඔයලත් මෙ software එක download කරගෙන බලන්නකො. හැබැයි ඔන්න මට නම් වගකියන්න බැ....මට මේ file එක host කරන්න වුනේ මම දැනට අත ඇරල දාලා තියෙන site එකක.. මම File එක pass word දාලා Zip කරා..Pass word =1234

http://nodreams.synthasite.com/resources/Spenser.rar

Wednesday, March 11, 2009

Virus ඔබට ඔච්චම් කරනවද?



VIRUS GUARD එකට Virus අසුවෙන්නෙත් නැද්ද? Virus guard Update කලද? ඒත් VIRUS එක අසුවෙන්නෙ නැද්ද? නමුත් පේන්නම Virus එක තියෙනවද? මම නම් කරන්නේ එක දෙයයි Virus එක copy එකක් අරගෙන දානවා zip හෝ winrar file එකකට.. හැබැයි මුර පදයකුත් දානවා.... ඊට පස්සෙ Email එකකට අමුණලා යවනවා මගේ Virus guard එකේ දිලා තියෙන Email ලිපිනයකට හැබැයි අර මුර පදයත් දාලා තව පොඩි හැල්ලකුත් ලියනවා මේ Virus guard එකට මෙ Virus එක අසුවෙන්නේ නැ කියලා එහෙම.. …. බඩුම තමයි පැයක් දෙකක් යද්දි ඔන්න එනවා reply mail එකක් ගොඩක් ස්තුති කරලා..දුන්න help එකට.. පසුදාට Virus guard එක Update කරම Virus එකට බඩුම තමයි… කිසි කරදරයක් නතිව Virus එක නිකම්ම අයින් කරගන්න පුලුවන්... මේ වැඩෙන් අපිත් Virus guard කරයනුත් දෙගොල්ලොම ගොඩ... මම පාවිච්චි කරන්නේ AVG Virus guard එක...Free එක නෙමෙයි full ක but... දන්නවනේ ඉතින් මෙවා register

කරපුව නෙමෙයි..ඔය internet එකෙන්ම හොයා ගත්ත key තමයි දාලා තියෙන්නේ.. තාම කිසිම අවුලක් නතිව වැඩ..මම මෙ විදියට Virus හතර පහක්ම යවලා තියෙනවා..ඒ වගේම පසුදාට update කරපුවම Virus එක නිකම්ම අසුවෙනවා...මේ අකාරයට හැම Virus guard හදන සමාගමක්ම වගේ අලුත් Virus පිලිබදව ඔහුන්ව දැනුවත් කරන්න විව්ධ ක්‍රම හදුන්වලා දිලා තියෙනවා..මේ පිලිබද ඔහුන්ගේ web අඩවි වල සදහන් වෙනවා...එතින් පොඩ්ඩක් හොයලා බැලුත්වොත් ඔයලත් ගොඩම තමයි... virus@avg.com කියන ලිපිනය තමයි AVG සමාගම බාවිත කරන්නේ..එතින් මේක ගොඩක් කට්ටිය දන්න දෙයක් වෙන්න පුලුවන්..

ඉතින් කාටහරි මගේ මේ post එක ප්රයොජනවත් උනා නම් මට ඒ ඇති...ඔයලත් දන්න කියන දෙයක් තියෙනවනම් හෝ ඔබගේ අදහස් පොඩ්ඩක් ලියලා යන්න අමතක කරන්න එපා.. මම ලගදිනේ බ්ලොග් ලියන්න ගත්තේ.. ඉතින් වැරදි ගොඩක් ඇති..ඉතින් ඒවාට සමාව දෙන්න...

Monday, March 9, 2009

කොළඹට කිරි අපිට කැකිරි..

ඉතින් මම මුලින්ම ගොඩක් ස්තුති කරන්න ඕන මගේ පළමු post එක කියවල අදහස් දැක්වපු අයට..

ඔන්න එහෙනම් මෙන්න මගෙන් දෙවන පොස්ට් එක.... මේක නම් ඉතින් කියල වැඩක් නැ..

මතකද මම මගේ පළමු Post එකෙන් මගේ Internet connection පිලිබදව පොඩ්ඩක් ඔයලව දැනුවත් කරා...ඉතින් හිතුනා මේ ගැන ඔයලට කියන්න... මුලින්ම කියන්නම්කො මම ඉන්නේ කොහෙද කියල....මම ඉන්නේ නුවර ...නුවර කිවුවට නුවර Town යන්න 24km යන්න ඕන...නමුත් නුවර...හරිද..මම ඉන්නේ අංකුඹුර කියන ගමේ.. කදු වලින් වට උන අමුතුම ලස්සන ගමක්…ගම වටේටම Dialog, Tigo ,Mobitel tower..

අපේ ගමට ඔය ADSL නැ…Signal Tower තිබුනට 3G නැ…WiMAX නැ.. නමුත් GPRS තියෙනවා...ඉතින් මම නම් මොබිටෙල් වල 3G Daily delight දාගෙන HSPA වලින් නෙමෙයි GPRS වලින් බොහොම අමරුවෙන් තමයි INTERNET යන්නේ..

මොනවා කලත් මොබිටෙල් එකට පින් සිදු වෙන්න අපි මෙහෙම හරි Internet යනවා...කට්ටිය 2MBs ,3MBs Connection වලින් Internet යනකොට අපි වගේ අසරණයෝ 5Kbs වගේ පොඩිම පොඩි Connection වලින් Data use limit එක 50mb 100mb වලට කොටු වෙල INTERNET එකට පිවිසෙන බව අපි අමතක කරන්න හොද නැ නේද?

මෙන්න මගේ Internet speed එක... ඉතින් අපිට කැකිරිම තමයි...මම speed test කරපු ආකාරය වැරදිද? එසේ නම් සමාවෙන්න...

Friday, March 6, 2009

INTERNET MONEY

බොහොම අමාරුවෙන් පැය ගානක් ඉදලා blogger එකේ

Blog එකක් හදා ගත්තා. මොකද මගෙ internet Connection එක මාර Speed. link එකක් click කරලා ගෙදර වටේ රවුමක් ගිහින් එද්දි යන්තම් page එක complete… ඉතින් පැය ගානක් internet එකේ රස්තියදු වෙලා ‍කොහොම ‍කොහොම හරි Blog එකක් හදා ගත්තා….ඊට පස්සෙ තමයි අමාරුම වැඩේ උනේ…‍මෙ වැඩේ සිංහල font එකන් type කරන එක…පිස්සු හැදිලා ආයේ පිස්සු හැදෙනවා ‍මෙකෙන් type කරන්න ගියම… පස්සෙ වඩේ අල්ල ගත්තා… මෙන්න පලවැනි post එක

මේ කථාව ඇත්තම සිදුවිමක්….මගෙ යලුවෙකුත් internet money ඡවාරමට අසු වුනා..

එයා Rs3500 දිලා register වෙලා ඹය කියන ආයතනයක… පස්සේ සම්මනතණය එන්න කියලා දින දිලා… ‍‍ ‍‍‍කොහොම ‍‍‍කොහොම හරි Manz සම්මනතණය ගිහින්….දන්නවද සම්මනතණයේ කියල දිල තියෙන්නෙ කියලා? එ‍කේ කියලා දිල තියෙන්නෙ පෞරුෂ සංවර්ඩනය පිලිබදව….

උදේ 9 විතර පටන් අරන් මෙ වැඩමුලුවට හවස 3 විතර වෙනකම් තිබිලා .. උදේ ඉදන් දේශනයක් දුන්නලු..ඔය දේශනය අතරතුර පොඩ්ඩක් ගූගල් ඇඩ් ගැන කිවුවලු..අපේ page එකේ ගූගල් ඇඩ් ලින්ක් click කරපුවම..මුදල් ලැබෙන බවත් කිව්වලු..

මොනවා කලත් උන් මගෙ යාලුවට උදේ තේ පැන් සංග්‍රහයක් සහ දවල් කෑම දුන්නලු...පව් අසරනය හොදට අන්දලා..වැඩේ කියන්නෙ මෙ වැඩමුලුවට 60 විතර හිටියලු….. අන්තිමට blogspot

එකේ blog එකක් හදලා දිල ඒකට google ads ගලා දිලා කිව්වලු යලුවන්ට page එකේ address එක mail කරන්න කියලා..එතකොට යාලුවො ඇවිත් අර ලින්ක් click කරම නිකම්ම සල්ලි ගෙදර පොස්ට් කරයි කියලා...මසෙකට අඩුම 6000 විතර හම්බ වෙනවා කියලා.. මෙ Manzට මෙයගේ page එකට යන ලින්ක් එක හැරෙන්න අඩුම තරමෙ blogger එකට ගිහින් තමගේ page එක Edit කරන්න වත් කියලා දිලා නැ ...උන්නෙ බ්ලොග් එකත් හදල දිල තියෙන්නෙ.. කොහොමත් මෙ වැඩේට SPEED INTERNET තියෙන්න ඹීන කියල...ඉතින් එතනින්ම Dialog broadband Connection එකක් 1500 වගෙ අඩු ගනකට ගන්න පුලුව්න් කියලා...ඉතින් මූ එකකුත් අරගෙන...ඇත්තම කිව්වොත් අපේ ගමට Dialog broadband තිය phone එකෙන් GPRS යන්නෙත් බොහොම අමාරුවෙන්..Dialog එකෙන් ඇවිත් කිව්වා signal නැ කියල… ඉතින් දැන් මගෙ යාලුවා නුවර යන හැම වෙලාවකම Dialog එකටත් යන්න අමතක කරන්නේ නැ.....

ඉතින් ඔන්න ඔහොමයි කතාව………

මේ මගේ පලවනි post එකනේ ඉතින් ඔයලගේ අදහස් මට ගොඩක් වැදගත්...